දැන් අප හමුවේ ඇති අභියෝගය වන්නේ මේ බැණ අඬා ගැසීම් නවත්වා මෙවන් විපතක් ඉදිරියේදී සිදු නොවීම පිලිබඳව අපට ගත හැකි පියවර මොනවාදැයි සාකච්ඡා කිරීමයි. ඒ සාකච්චාවෙන් මතුවෙන අදහස් ක‍්‍රියාත්මක කිරීමට බලධාරීන්ට බල කීරීමයි.
මේ සම්බන්ධයෙන් වටිනා අදහසක් නදී වාසලමුදලිආරච්චි සොයුරිය ලියා තිබෙණු දුටුවෙමි. මෙවැනි අවදානම් සහගත ස්ථාන රට පුරා තිබේ නම් ඒවා ලේඛණ ගත කර ප‍්‍රසිද්ධ කිරීම සුදුසු යයි ඇය යෝජනා කරයි. එය ඉතා වැදගත් පියවරකි. සියලු රටවැසියන්ට මේ ක‍්‍රියාවට දායක විය හැකිය.
ඒ සමගම ලංකාවේ කුණු ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් සොයා ගත යුතුය. මේ ප‍්‍රශ්නය අද ඊයේ ඇති වූවක් නොවේ. එදා මෙයට විසඳුමක් සොයන්නට උනන්දුවූවානම් අද මෙවන් විපතක් සිදු නොවනු ඇති බව විශ්වාසය.
මේ 1997 දී මවිසින් දිවයින පුවත්පතට ලියූ අදහස් දැක්වීමකි.
එදා සුළු පරිමානයෙන් හෝ මේ කටයුත්ත ආරම්භ කළා නම් අත වන විට මෙවන් විපතක් සිදුනොවනු ඇතැයි මට සිතෙයි. නියපොත්තතෙන් කඩන්නට හැකිව තිබූ ගහ මහා රුකක් වනතුරු බලා සිටීමේ විපාකයයි මේ.
කසළ ප‍්‍රතිචක‍්‍රී කරණය පිළිබඳ විශේෂඥ දැනුමැති විද්වත්තු අපේ සමාජයේ අපමණ සිටිති. ආචාර්ය සමුද‍්‍රා ජයලත් වැනි විද්වතුන් විදෙස් ගතව සිටියද ඔවුන්ගේ සේවය ලංකාවට ලබාගත නොහැකිවන්නේ නැති බව මට විශ්වාස ය. අවශ්‍යවන්නේ අවංක අදහසින් ක‍්‍රියාත්මක වන්නට උනන්දුව ඇති දේශපාලන නායකත්වයක් පමණකි. එකිනෙකා කඹ ඇදගන්නේ නැතිව, චෝදනා කරගනිමින් සිටින්නේ නැතිව, පක්ෂ භේද පසෙක ලා එක්සත්ව මේ ප‍්‍රශ්නයට විසඳුම් සොයා ගත යුතුය.
දැන් අප හමුවේ ඇත්තේ ක‍්‍රියාත්මක වීමේ වේලාවයි. නැවත මෙවන් විපතක් සිදුනොවන්නට ක‍්‍රියාත්මක වීමේ වේලාවයි. .